Spread the love

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පසු රැදවියන් පිරිසක් පළාගොස් ඇතිබව පුනුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

රැදවියන් 40 ආසන්න සංඛ්‍යාවක් එලෙස පලාගොස් තිබේ.

පලාගිය රැදවියන් බොහෝ දෙනෙකු මේවන විට නැවත භාරවී තිබේ.

තවත් සුළු පිරිසක් අතුරුදන්ව ඇතිබව පැවසීය.

එම පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.