Spread the love

කතරගම මහ දේවාලයේ දෙවන කපු මහතා වන සමන් ප්‍රියන්ත කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වී තිබේ.

පොලිසියට බාර වීමෙන් අනතුරුව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීමට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවයි.

නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන් එහි නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක මහතා ද සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සොයන පුද්ගලයෙක් වන අතර ඔහු මේ වන විට සැගව සිටී.