Spread the love

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගස් ඉවත්කිරිම හේතුවෙන් හෙට (08) පෙරවරු  10 සිට අනිද්දා (09) පෙරවරු 6 දක්වා ගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි

එම මාර්ගය දෙපස අවදානම් ගස් සහ දිරාගිය අතු කොටස් ඉවත් කිරීම හා අවදානම් පාෂාණ කොටස් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරේ. .

ඒ අනුව එම මාර්ගය හෙට සවස 6 සිට පැය 3ක තුනක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කරන බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්දෙයි.

ඒ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය භාවිත කරන මහජනතාවට ඇති වන අපහසුතා මඟ හරවා ගැනීමට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරටද ,

කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරද ,මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේ මහනුවරට ගමන් කල හැකිවෙයි.