Spread the love

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරුදන්නා බව ප්‍රකාශ කර ඇති බැවින් එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇත.

ඒ අනුව 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත දැනුම් දී ඇත..