Spread the love

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිතයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

මීට පෙර අවස්ථා දෙකක දී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී වී නොමැති බවටයි වාර්තා වුණේ.

අදාළ විමර්ශනය සදහා හෙට පෙරවරු 10 ට මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.