Spread the love

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදි එම සංස්ථාව මේ බව සඳහන් කර ඇත.

දැනට පවතින වෛද්‍ය සැපයුම් හිඟය පිළිබඳව මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් ගැන ද එහිදී දීර්ඝසට සාකච්ඡා කර ඇති අතර එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

එහිදී සංස්ථාව පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය සැපයීම ප්‍රසම්පාදනය කොට සැපයීම සඳහා සාමාන්‍යයෙන් මාස එකොළහක පමණ පොරොත්තු කාලයක් ගතවන නමුත් දැනටමත් මෙම වසරේ මාස තුනක් පමණ කාලයක් ගත ව ගතව අවසන් වුවත් ලබන වර්ෂය සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් පිළිබඳව සංස්ථාව දැනුවත් කර නොමැති බවය.

ඉදිරි වර්ෂය සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අදාළ ඇනැවුම් කිසිවක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පෙන්වා දී ඇති සංස්ථාව එළඹෙන වසරේ ජනවාරියේ සිට යම් කිසි ඖෂධ හෝ ශල්‍ය උපකරණ හිඟයක් ඇති වුවහොත් සංස්ථාව ලෙස ඒ ඊට වගකීම බාරගත නොහැකි බවත් පෙන්වා දී තිබේ.