Spread the love

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඒ අනුව ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ අද (27) පැවති විශේෂ සමුළුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.