Spread the love


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා හා නවසීලන්ත කණ්ඩායම් අතර පැවති මූලික වටයේ 27 වන තරගය තියුණු තරගයකින් පසු ලකුණු 5 කින් තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 388 ක් ලබා ගත්තේය.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන්  Travis Head ලකුණු 109 ක් හා David Warner ලකුණු 81 ක් ලබා ගත්තේය

පිළිතුරු ඉනිම ක්‍රීඩා  කළ නවසීලන්ත කණ්ඩායමට තියුණු තරගයකින් පසු සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 383 ක් පමණි.