Spread the love

අවුරුදු 7ක දරුවෙක් කියන්නේ තවමත් අම්මා තාත්තා එක්ක හැදෙන ඒ දෙන්නාගේ උණුහුමේ ඉන්න පුංචි මලක් කියන්න පුළුවන්…

ඒත් ඒ වගේ දරුවෙකුට වත් නිදහසේ ඉන්න බැරි රටක තමයි අපි ඉන්නේ….

හත් හැවිරිදි දැරියක් තම නිවස අසල පිහිටි ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් ඇය හැඳ සිටි කලිසම ගලවා සිය ඔඩොක්කුවට ගෙන දෙතොල් සිපගත් පුවතක් වාර්තා වෙනවා..

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා එම චෝදනාව පිළිගෙන තිබෙනවා… එලෙස වරද පිළිගත් පුද්ගලයා 43 හැවිරිදි තිදරු පියක්… මොහුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා…

එයට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට ද නියම කළේයග එම සිද්ධිය වන විට විත්තිකරු 31 හැවිරිදි අයකු බවත්ල තමා අතින් සිදු වූ වරදට පසුතැවෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා කළ ඉල්ලීම සලකා බැලූ රජයේ අධිනීතිඥ සංඛ වීරසූරිය මහතා නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබුණා…