Spread the love

විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මේ වනවිට ඔන්ලයින් අයැදුම්පත් 85,000 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බවයි එහි උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සඳහන් කළේ.

අයැදුම්පත් යොමු කළ යුතු කාලය දීර්ඝ නොකරන බවත්, ඉදිරිපත් කළ අයැදුම්පතේ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතාව පමණක් වෙනස් කිරීමට හෙට (06) සිට අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.