Spread the love

වර්ෂාපතනය පහව ගොස් ඇතත් එළවළු මිල පහත වැටීමක් සිදු නොවන බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ඊට හේතුව ලෙස හෙතෙම පෙන්වා දෙන්නේ දැනට පනවා ඇති වැට් බද්ද හේතුවෙන් ආනයනය කරන දෙමුහුන් බීජවල මිල ඉතා අධික වීම ඇතුළු කාරණා කිහිපයකි.

උඩරට එළවළු වලින් වැඩි ප්‍රතිශතයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරන බවද පැවසූ ඔහු මේ වන විට එම නිෂ්පාදනයන් විශාල ලෙස බිඳ වැටී ඇති බවද පෙන්වා දෙයි.

අධික වර්ෂාපතනයද මීට බලපාන නමුත් ආනයනික බීජ වල මිල ඉතා ඉහළ මට්ටමක පවතින නිසා වර්ෂාව නැවතුනත් ගැටළුව විසඳෙන්නේ නැති බවද සඳහන් කළේය.

ප‍්‍රමිතියෙන් තොර අඩුමුදලට පොහොර තෙල් භාවිතා කරන අතර ඒ හේතුවෙන්ද අස්වැන්න පහත වැටීමක් සිදුවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.