Spread the love

උඩරට සහ පහතරට එලවළු වල තොග මිල ඉහල යාමට සාපෙක්ෂව සෑම එලවළු කිලෝවකම මිල රු 400 – 750 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙලදාම සිඝ්‍රයෙන් පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් කියා සිටියි.

වට්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

අමු මිරිස් කිලෝවක් රු 500, නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්,ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

මේ අතර කුකුල් මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එසේ කුකුල් මස් වල මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බවයි හැටන් ප්‍රදේශයේ කුකුල් මස් වෙලෙදුන් කියා සිටියේ.