Spread the love

සමගි ජන බලවේග සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් දක්වන ලද විරෝධය සම්බන්ධයෙන් හිටපු හමුදාපති දයා රත්නායක මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සරත් ෆොන්සේකා මහතා තමන්ගේ මට්ටමෙන් අනිත් අය මනින බවත් හමුදාවේ විනය අනුව තමන් කටයුතු කරනු මිස වාද විවාද වලට නොයන බවත්ය.

ඔහු මෙම අදහස් පළ කරන්නේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.