Spread the love

පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

31 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති අතර මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ජාතික රෝහල පවසයි.

කෙසේ නමුත් මෙම මිය යාම සිදුව ඇත්තේ එන්නත විෂ වීමෙන්ද එසේ නැත්නම් වෙනත් හේතුවකින්ද යන්න පරීක්ෂණය මගින් අනාවරණය කර ගත කිරීමට බලාපොරොත්තු වන බවද රෝහල කියා සිටී.

රෝගියාට ලබා දුන් එන්නත් කාණ්ඩය මේ වන විටත් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත.