Spread the love

නොකරන තාක්කල් මේ බදු ආදායම ලැබෙන බදු ආදායමෙන් සීයට පනහක් පමණ අපට එකතු වෙන්නෙ නෑ.

ප්‍රාග්ධන වියදම් මේ පාරත් දාලා තියෙනවා බිලියන 1208 ක්. මාස අටටම ප්‍රාග්ධන වියදම කීයද මේ අවුරුද්දේ? ගිය අවුරුද්දේ කිව්වා බිලියන 1220 ක් ප්‍රාග්ධන වියදම්. පාරවල් හදනවා. ජලාශ හදනවා. විශ්ව විද්‍යාල හදනවා. ගුවන් තොටුපොළවල් හදනවා. කියලා තමයි කිව්වේ. 1220 න්, 442 යි වියදම් කරලා තියෙන්නේ. තුනෙන් එකයි වියදම් කරලා තියෙන්නේ. ඒ වියදම් කරලා තියෙන එකෙනුත් බහුතරයක් කලින් අවුරුදු වල පෙර ණය ගෙවීම්. ඒ නිසා මේ අනාගතයට හදනවා කියන ඒවත්, වෙන දේවල් නම් නෙවෙයි.

මම බොහොම වගකීමෙන් කියනවා. ඔය විදේශ ව්‍යාපෘති, මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අපි ආරම්භ කළේ. ඒක කඩාකප්පල් කළා. ඒ වගේම ඔය මාර්ග ඉදිකිරීම් වැනි කාරණා දැනට මේ රටේ ආර්ථිකයට දරාගන්න පුළුවන් ඒවාවත්, ඒවට විදේශ ආධාර ලැබෙන ඒවාවත් නෙමෙයි. ඒ වගේම ණය ගැනීමේ සැලසුම බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘති ණය ඩොලර් මිලියන 1650 ක්. මේවා හීන. ඊළඟට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 450 ක්. එකතුව ඩොලර් මිලියන 1650ක්. මේවා ලැබෙන්න නං අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර ඉදිරිපත් කරලා තියෙන ලේඛනයේ දීලා තියෙන ඉලක්ක සපුරා ගන්න ඕනේ. අදටත් බැරි වුණා විදේශ ණය හිමියෝත් එක්ක එකඟතාවයකට යන්න. ඒ නිසා සැප්තැම්බර් විසිහත ලැබෙන්න තිබිච්ච ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය අපිට ලැබුණේ නෑ. ඒ ණය වාරිකයත් එක්ක ගැට ගැහිච්ච ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර අපට ලැබුණේ නෑ. ඒ නිසා රජය මුලින් කළ යුත්තේ මේ විදේශ ණය පප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. ඒක කළ යුතුමයි. ඒක කිරීමයි සිදුකළ යුත්තේ. එසේ නැතුව මේ ඉලක්කම් මෙතන දැම්මයි කියලා මේවා යථාර්ථවාදී ඉලක්කම් නම් වෙන බවක් අපිට පේන්න නෑ. ඒ නිසා අපි එකක් වටහා ගත යුතුයි මහජනයා ඉතාම අපහසුවෙන් තමන් සතු යම් යම් දෑ උගස් කරලා, දේපල උගස් කරලා, ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ අතරේ මේ එක සහ අනෙකුත් බදු නිසා, මේ රට අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත අධ්‍යාපන ප්‍රාග්ධනය, වෘත්තීයවේදී ප්‍රාග්ධනය, රටින් පලා යනවා. විශ්ව විද්‍යාල හය හතක් හදන්න යනවා. හැබැයි මහාචාර්යවරයෙක් ආචාර්යවරු සිය ගානෙන් රටෙන් එළියට යනවා. ඒ වගේම දොස්තර මහත්වරු ටික යනවා. වරලත් ඉංජිනේරුවෝ ටික රටින් යනවා. ඒ වගේම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් නැග ආපු ව්‍යාපාර ඔක්කොම බිමට බිම්බත් වෙලා. ඒ සියලු දෙනා රටින් යනවා. අපට මේ රට ගොඩනගන්න අවශ්‍ය කරන ඒ මානව ප්‍රාග්ධනය නැතිවෙලා, මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. ඒවා පසුගන්වන්නේ නැතුව, පටු දේශපාලන කතා පවත්ව පවත්ව, අර පැත්තෙන් යහපාලනය ගැන කිය කිය, මේ පැත්තෙන් මේ අර්බුදය ගැන කිය කිය, අපට කල් ගෙවන්න බෑ. මේ රට ගොඩගන්නා වැඩපිළිවෙලක් මේ අර්බුදය දිග් ගැහෙනවා විතරක් නෙවෙයි තව අරගල මතුවෙන්න නියමිතයි.

මම අද අනතුරු අඟවනවා. එදා 2021 නොවැම්බර් 17 මේ පාර්ලිමේන්තුවේ මම කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයට ඔබතුමාගේ අවසාන අයවැය කියලා. මම කිව්වා අපේ ගරු සරත් වීරසේකර මැතිතුමාට ඔබතුමාගේ පොලිසියට ඊළඟ එන අරගලය නතර කරන්න බෑ කියලා. මම කිව්වා ඊළඟ මාර්තු මාසෙදි මේ රටේ බලශක්ති අර්බුදයක් එනවා. ඔය කයිවාරු ඇමතිලාගේ කයිවාරු මොනවා තිබුණත් රට ගිනි ගන්නවා කියලා. ඒ නිසා මේවා පාලනය නොකලොත් ඊළඟ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අපි පක්ෂයි. ඒක බොහොම හොඳයි. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීමත් හොඳයි. නමුත් රාජ්‍ය සේවකයෝ සහ මේ රටේ සාමාන්‍ය මහජනතාවට තවත් ජීවත් වෙන්න බැරි අසහනකාරී තත්වයක් තුළ මේ රට නැවත සමාජ පිපිරීමක් කරා ගමන් කරනවා මයි. ඒක වැළැක්වීමට අපි සියලු දෙනාම බුද්ධිමත්ව හා විධිමත්ව කටයුතු කළ යුතුයි.