Spread the love

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළියට සමගි ජන බලවේගයේ ‍ප‍්‍රධාන චරිත කිහිපයක් එකතු වුණු ඇති බව එජාප ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම පිරිස අතර වනු ඇතැයි ද ඔහු පැවසීය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන චරිත කිහිපයක්ද
එම වේදිකාවට ගොඩවනු ඇති බවත් හෙතෙම කියා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දෙන රැළිය කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් ඇත.