Spread the love

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබාදෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කරයි.

පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ප්‍රාථමික, කලා, වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා ද, සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහාද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බවත්, ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරෙන බවත් ලේකම්වරයා පවසයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ තවත් ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.