Spread the love

නිමල් රාජපක්ෂ-

උප්පැන්න සහතික නොමැති අවුරුදු 40 ඉක්මවූ, ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ප්‍රද්ප් සපුතන්ත්‍රී මහතා පවසයි..

. ඒ අනුව අවශ්‍ය තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරී නිලධාරීන් වෙත නිකුත් කර ඇත.. ඒ අනුව වයස අවුරුදු 40 ඉක්මවූ, ජාතික හැඳුනුම්පතක් නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍රය සමග නම හා උපන්දිනය සනාථ කිරීමට ලිඛිත සාක්ෂි ලෙස දරුවන්ගේ උප්පැන්න සහතික, පාසල් හැරයාමේ සහතිකය, වැඩිහිටි හැඳුනුම්පත්, වලංගු ගමන් බලපත්‍රය වැනි ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකි බවයිපුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එසේම වයස අවුරුදු 40 නොඉක්ම වූ උප්පැන්න සහතිකයක් නොමැති පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය සමඟ අනුමාන වයස් සහතිකය හෝ දරුකමට හදා ගැනීමේ සහතිකය සමඟ අදාළ අනෙකුත් ලියවිලි ඉදිරිපත් කිරීම මඟින් ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකි බවත් වැඩි දුරටත් සදහන් කළේය.

අදාල තොරතුරු පහතින් දැක්වේ..