Spread the love


නිමල් රාජපක්ෂ-

අසනීප නිවාඩු දමා උප නියාමකවරු ආරම්භ කළ වෘත්තිීය ක්‍රියාමාර්ගය අද දිනයේ අවසන් කර සේවයට වාර්තා කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී බඩ්ලිව්.ඩී.ඒ එස් ගුණසිංහ මහතාට වාචිකව දැණුම් බව පවසයි.
නමුත් උප නියාමකවරු ලිඛිතව කිසිදු දැණුම් දීමක් සිදු නොකල බවත් ගුණසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස දී උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ (04) සිට ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියේය.
ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 78ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේම පහරදීමට සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට පියවර ගෙන ඇත.
දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන බැවින් අද දිනයේත් දුම්රිය ධාවනය කලේ උප නියාමක වරුන් නොමැතිව නියාමකවරුන් ම උපනියාමක රාජකාරියද සිදු කරමින් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ඉදිපොලගේ මහතා පවසයි. උපනියාමකවරුන් සියල්ල වාත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ නොවී ඇති බැවින් කොටසක් සේවය කරන බවද පවසයි.
එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය උප නියාමකවරුන් පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන් විශාල පිරිසක් ඊයේ දිනයේ දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල මගීන් දැඩි ලෙස නිවෙස් කරා ගමන් කිරීමට දුම්රිය නොමැති කමින් දැඩි අපහසුතායන් පත්වුහ.
මේ අතර උප නියාමකවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීම් හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවු බවද නියෝජ්‍ය දුම්රිය සමාන්‍යධිකාරී ගමනා ගමන ඉදිපොලගේ මහතා පැවසුවේය.
මේ හේතුව නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත්වුහ.