Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත්වී ඇත්තේ වසංගත තත්ත්වයක් නිසා නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන් බව ට සනාථ වී ඇති බව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
මෙම හදිසි සත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට පසුගියදා උපදෙස් දෙනු ලැබීය.

එහි ප්‍රථිපලයක් ලෙස අදාල සිද්ධිය සම්බන්ධයෙන්පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව අද දින (13) අමරවිර ඇමතිවරයාට ලැබීමෙන් පසුවය.

එම විමර්ශන අනුව මෙම සතුන් මිය යාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ.