Spread the love

මෝල් හිමියන් කීරිසම්බා සගවා තබා ගන්නා බැවින් උත්සව සමයට ඇති තරම් සහල් තොග ආනයනය කීරිමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව උත්සව සමය තුළ සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කර තිබිණ.

මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.