Spread the love

05 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ලබන 26 වනදා දිවයින පුරා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඊට අවශ්‍ය මූලික කටයුතු මේවන විට සිදුකරමින් තිබේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකම විභාගය ආරම්භ වී පැය කිහිපයක් යාමටත් පෙර පිට වීම සම්බන්ධයෙන් මේවන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව විභාග කොමසාරිස්වරයා පැවසුවේය.

විභාගයට පෙර එම ප්‍රශ්න පත්‍ර දෙක කිසිසේත් පිට වි නොමැති බව පැවසුවේය

විභාගය අවසන් වීමෙන් පසුව එම ප්‍රශ්න පත්‍ර දෙක සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇතිබවයි කීවේ.

ප්‍රශ්න පත්‍රය එලෙස එලියට යාම තුළින් දරුවන්ට පීඩනයක් සිදුවෙයි.

2017 සිට එම නීතිය ක්‍රියාත්මක යි.ප්‍රශ්න පත්‍රය එලෙස පිටවී ඇති විභාග මධ්‍යස්ථාන දෙක මේවන විට අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රශ්න පත්‍ර දෙක ගලහ ප්‍රදේශයේ සහ කලුතර ප්‍රදේශයෙන් පිටවී ඇති බවට තොරතුරු ලැබි තිබේ.

එම විභාග ශාලාවල සිටි නිලධාරීන් හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයන් සඳහා නීත්‍යානුකූලව කටයුතු සිදු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

.