Spread the love

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .