Spread the love

අද (09) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි.

අදාළ නිවේදනය පහතින්.