Spread the love

රඹුක්කන-කඩිගමුව දුම්රිය ස්ථානයන් අතර ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් ඊයේ (13) රාත්‍රී 11.20ට පමණ පීලි පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිිි වී තිබේ.

මෙහිදි තෙල් ටැංකි හයක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයටද විශාල වශයෙන් හානි සිදුවී ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට කඩනමින් කටයුතු කරන අතර එක් දිනකදී සියළු කටයුතු සිදු කිරීමට අපහසු වන බවද වාර්තා වෙයි.

දුම්රිය පිලී පැනිමත් සමගින් උඩරට දුම්රිය ධාවනයට බාධා ඇතිවු අතර කොළඹ සිට රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කෙරේ.

. මේ හේතුවෙන් අද දින කොළඔඹ සිට මහනුවර හා බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගත් බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.