Spread the love

නාය යෑමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් ඉවත් කර පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගනිමින් ඇතිබව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රබාත් අබේවර්ධන මහතා පැවසීය.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කිරීමත් සමඟ පවුල් 241 ඉවත් කෙරිණි.

2014 වසරේ මීරියබැද්ද නාය යෑම සිදුවූ ස්ථානය යළි සක්‍රීය වී පැලුම් මතුවීම හේතුවෙන් ඒ අවට පදිංචි කරුවන් හා තවත් ස්ථාන 02ක පදිංචිකරුවන් එලෙස ඉවත්කර බව ලේකම්වරයා පැවසීය.

කෙසේවෙතත් මේවන විට පැවති අයහපත් කාලගුණය පහවයමින් තිබේ.

එහෙත් යළි වැසි සහිත කාලගුණ තත්වය වර්ධනය වුවහොත් අවධානක් පවතින බව පැවසීය.

මේ අතර ඉවත් කර පවුල් වලින් කොටසක් ඥාතීන්ගෙ නිවෙස් වල සිටින අතර සෙසු පිරිස කොස්ලන්ද ගනේෂා විද්‍යාලයේ සහ පැරණි තේ කර්මාන්ත ශාලාවක රදවා සිටියි.

ඒ අනුව කොස්ලන්ද ගනේෂා විද්‍යාලයේ පවුල් 47 අයත් පුද්ගලයන් 73 දෙනෙකු රදවා සිටීයි.

පැරණි තේ කර්මාන්ත ශාලාවේ පවුල් 10 අයත් පුද්ගලයන් 33 රඳවා සිටියි.

ඔවුන් අවශ්‍ය මූලික පහසුකම් ලබාදි ඇතිබව වැඩිදුරටත් පැවසීය.