Spread the love

ප්‍රථම රහත් හැටනම ධර්ම දුත සේවය සදහා පිටත්වීම අද වැනි පොහොය දිනක සිදුවී ඇතිබව ශාසන ඉතිහාසයේ සදහන්.

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබිමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ හැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සදහන්.

තුන් බෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන්පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනයේදී සිදු වි තිබෙන බවද සදහන්.

චීවර මාසයේ අවසන් පොහොය වන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොය වන අතර ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සිදු කරයි.