Spread the love

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් අද (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනයේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුබු කරන ලෙස ඉල්ලා සිටියි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ,එරට විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලාහින් මහතා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්විය.

ඉන් එහි ගමන්ගත් ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට දිවි අහිමිවිය.