Spread the love


නිමල් රාජපක්ෂ-

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග ඇද පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය.

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇත.මෙම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කිරීමට නියමිතයි. මෙරට බොහෝමයක් පෞරාණික ගොඩනැඟිලි නිසි නඩත්තුවක් නොමැති බැවින් විනාශ මුඛයට යමින් තිබේ. ඒවා නවීකරණය කර සුදුසුලෙස ආයෝජන සඳහා යොදා ගැනීමෙන් මෙරටට ආදායම් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා කීය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.