Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය  කෙරේ.

ඒ අනුව පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)ද , පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)ද, සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)ද අඩුවෙයි.

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග වනුයේ, ඔටෝ ඩීසල් – (මිල රු.317)ද , භූමිතෙල් –  (මිල රු.202) ද වෙයි.