Spread the love

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරනත් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරිීමට බලාපොරෝත්තුව වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකට 1 වනදා සහ 15 වනදා සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබු බවද පැවසුවේය