Spread the love

තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටියදී ඉන්ධන අලෙවියෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිට ජාතික ජන බලවේගය පැවසූ සියල්ල අසත්‍ය බව පසුගිය ඉන්ධන මිල සංශෝධනයෙන් ඔප්පු බව හිටපු ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

තමන්ගේ සාක්කුවට එදා ඉන්ධනවලින් මුදල් ගියේ නම් අද එම මුදල යා යුත්තේ විෂයභාර අමාත්‍ය අනුර දිසානායක මහතාගේ සාක්කුවට බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ඉන්ධන අලෙවි සත්‍ය වටහාදීම ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.

කාලයක් තිස්සේ ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම විසින් විවේචනය කරන ලද දේවල් සත්‍යය අසත්‍යතාවය දැන් ජනතාවට බලාගත හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.

මාතර ප්‍රදේශයේදී පැවති ජන හමුවක අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.