Spread the love

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එලෙස ඉන්දියාවේ සංචාරය කිරීමට සූදානම් වන්නේ එළඹෙන G20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවට හිමිව ඇති පසුබිමක් තුළය.

ඉන්දු – ඔස්ට්‍රේලියා ආර්ථික සහයෝගීතා සහ වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමුළුවකට සහභාගීවීම සඳහා ලබන වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය සිදුවනු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.