Spread the love

ඉන්දීය සුපිරි ගායන ශිල්පී හරිහරින් ඇතුළු ගායික ගායිකාවන් එකොලොස් දෙනකු සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණි අවස්ථාවක යාපනයේ අතරමං වී ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන 21 වන දා යාපනය මුරාවේලිහිදී පැවැත්වීමට නියමිත තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට මෙම කණ්ඩායම පැමිණ ඇත.

නමුත් උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග අයහපත් කාලගුණය මත එම ප්‍රසංගය ආවලංගු කිරීමට සංවිධාකයන් තීරණය කර තිබේ.

එනිසා හරිහරන් ඇතුළු කණ්ඩායම ඉන්දියාවට ආපසු යැවීමට තීරණය කර තිබිණි.

නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය හා ඉන්දියාව අතර ගුවන් ගමන් ද සීමා කර ඇති නිසා එම කලාකරුවන් පිරිස දැඩි ගැටලුවකට මුහුණපා සිටින බවද වාර්තා වෙයි.