Spread the love

ගිවිසුම අත්සන් කළොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට නිසැක ලෙසම පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේදී කිව්වා, ‘ඉන්දියාව සමග අපි බලශක්ති ඒකාබද්ධකරණයකට යනවා. ඒ විතරක් නොවෙයි දෙරටෙහි රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා’ කියලා. රේගු අතර සහයෝගීතාව වැඩි කරනවා කියන්නේ, රේගු දෙක ඒකාබද්ධ කිරීමටයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මේ වෙලාවෙ එට්කා ගිවිසුම අත්සන් කළොත් ඒක ‘හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටුණා වගේ’ වෙයි.

මේ සියල්ල පිළිබඳව හොඳ අවධානයෙන් නොසිටියොත් අපේ රට තවදුරටත් දරුණු අගාධයකට ඇදවැටෙන එක වළක්වන්න බැහැ. ‘එය වළක්වාගැනීම සඳහා මුළු වෙර යොදා කටයුතු කිරීමට පෙරට එන්න’ කියා මේ රටේ ජනතාවට ආයාචනය කරනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් පත්මසිරි, කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.