Spread the love

රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිතදැනුම් දීම කළ බවද මැතිවරණ කොමිෂන්සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය ජුලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද රත්නායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන වලට අනුව ලබන සැප්තැම්බර් මස 17 ත් – ඔක්තෝබර් මස 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.