Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදි බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පාචනය,ඩෙංගු සහ මී උණ වැනි රෝග පැතිර යාමේ වැඩි අවධානමක් පවතියි.

ඒ හේතුවෙන් ආහාර සහ ජලය ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව වැඩිදුරටත් පැවසීය.