Spread the love

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කර ඇතත් මේ වසර අවසානයේ මැතිවරණයක් පැවැත්වීමෙන් පසු සිදු විය හැකි ප්‍රතිපත්තිමය වෙනස්කම් මත එම ප්‍රකෘතිය ඇනහිටිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාන සම්බන්ධයෙන් සිය නවතම පුරෝකතනය ඉදිරිපත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ‍ආර්ථික ප්‍රතිපත්තිය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට හැකි ඉදිරි මැතිවරණ හා සම්බන්ධ අවිනිශ්චතාවයක් පැන නැගෙනු ඇති බවයි.

වර්තමාන ජනාධිපතිවරයා නැවත තේරී පැත්වීමට බලාපොරොත්තු වෙන අතර ඔහුගේ ප්‍රධාන අභියෝග කරුවන් දෙදෙනාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට අනුකූලව අයවැය තුලනය කිරීමේ උත්සාහයට විරුද්ධ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ හරහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිසියම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවද ආසියානු සංවර්ධනය බැංකුව තවදුරටත් අනතුරු අඟවා සිටී.