Spread the love

ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගතව තරග කිරීමට අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

ඊයේ (25) රාත්‍රීයේ කොළඹ මල් පාරේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා කරමින් ඇති බවයි.

සන්ධානගත වන පක්ෂ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.