Spread the love

නාගොඩ -සුමන

ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන බව බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රී ලංකාව හරහා හමන සුළඟ අවම වීම ඊට හේතුවී තිබේ.
නිරිත දිග මෝසම් කාලගුණය රට හරහා ස්ථාපිත වූ පසු පවතින අධික උෂ්ණාධික කාලගුණය සමනය වනු ඇතිබව පැවසීය.
ඒ අනුව නිරිත දිග මෝසම් කාලගුණය ලබන 25 වැනිදා සිට රට හරහා ස්ථාපිත වනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ලබන 09 වැනිදා සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කල හැකිය.
පහළ වායුගෝලයේ පවතින යම් කැළඹිලි ස්වබාවයක් ඊට හේතුවී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.