Spread the love

ශ්‍රීලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඒක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් ඇතුලු නියෝජිත පිරිස 11 දින යාපනයේ සංචාරයක නිරත වෙමින් යාපනය මහජන පුස්තකාලයට යාම පිලිබඳව උතුරේ ජනතාව ඒක්සත් රාජධානයට ප්‍රශංශාව පුදකර සිටින බවට උතුරේ සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

යාපනය නාවන්තුරෙයි මහජන ක්‍රීඩාංගනය වෙතට හෙලිකොප්ටර් යානයකින් පැමිණි ඈන් කුමරිය ඇතුලු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය විසින් පිළිගැනීමෙන් පසුව ඈන් කුමරිය උතුරට පැමිණීම පිළිබඳව සිය සතුට පලකර ආණ්ඩුකාර තුමිය ඈන් කුමරිය සමග සුහඳ පිළිසඳරකද නිරත විය.

ඉන් අනතුරුව යාපනය මහජන පුස්තකාලයට ගොස් එපුස්තකාලයේ ‌පැරණි ග්‍රන්ත මෙන්ම යුද සමයේදී විනාශ වූ ග්‍රන්ත හා ගිනි ගැනීමෙන් විනාශ වූ ග්‍ර නිරීක්ෂනයක නිරත වූ අතර යාපනය පුස්තකාලයේ විටනාකම් ඇතුලත් ග්‍රන්තයක්ද නිරීක්ෂණය කරන ලදි.