Spread the love

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැවිරිදි තරුණිය මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි අතර ඇයගේ මළසිරුර ඊයේ (30) සොයා ගැනීමට වැලිපැන්න පොලිසිය සමත්වී ඇත.

ඇය දියේ ගිලී අතුරුදන්වූ බවට සැක කෙරුණු වැලිපැන්න පොලිසිය ඇයගේ මල සිරුර ඇළේ මීගම තොටුපොළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ ඈතින් පිහිටි ඇළ ඉවුරක තිබී ඊයේ පස්වරුවේ හමුවී තිබේ.

එම තරුණිය පසුගිය 27 වනදා රාත්‍රියේ සිට අතුරුදන් බවට ඇයගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් තිබූ බවත් වාර්තා විය.
සිද්ධිය පිළිබද වැලිපැන්න පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.