කොළඹ වරායේ නගරයේ මරිනා සංවර්ධන කටයුතු සඳහා මුල් කළ තැබීම විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත හේරත් මහතා සහ මෙරට චීන තානාපතිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
LOLC සමුහ ව්‍යාපාරයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
හෙක්ටර් තුනයි දශම එකක භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120කි.