Spread the love

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකර ඇති අධ්‍යනයක සොයාගැනීම් අනුව මෙරට ඇමති මණ්ඩලය 15ක් දක්වා අඩු කිරීමේ නිර්දේශ ඔවුන් දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානයට යොමු කර තිබේ

ඔවුන් ජාතික ජනබලවේගයේ සහ සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකයන් හමු වී එම නිර්දේශ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දෙපාර්ශයම මෙ​ම නිර්දේශ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව ද, ඉදිරියේ දී අනෙකුත් දේශපාලන පක්ෂ නායකයිවද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි