Spread the love

අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අරගල නාමයෙන් සිදු කෙරෙන රට විනාශ කරන කුමන්ත්‍රණ නිසා රටේ අනාගතය අවධානමට ලක්ව ඇති බවයි.

මිනුවන්ගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදී තමා හමුවට පැමිණි අරගලකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය (18) මිනුවන්ගොඩදී පැවැත්විණි. මෙම නව තෙමහල් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති මුදල රුපියල් මිලියන 395 කි.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා පැවැති අරගලවලට සහභාගී වූ තරුණ කණ්ඩායමක්ද පැමිණ සිටි අතර ඔවුන් ඇමතිවරයා මුණ ගැසුනේ ඔවුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහායි.

එහිදි ඇතිවූයේ මෙවැනි සංවාදාත්මක තත්ත්වයකි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා – දාන දිලා හරියන්නේ නෑනේ අයිස් බොන්න දිලා. අයිස්කාරයෝ ටිකනේ මේ අරගල කළේ. ඒ දේවල් මින් පස්සේ සිද්ධ වෙන්න බෑ. ඔයගොල්ලෝ ඔයාලගේ වැඩ කරන්න.

අරගලකරුවන් සර් අපිට වැරදුනා. අපි ආපහු ඒ වගේ වැඩ වලට යන්නේ නෑ.

ඇමතිවරයා – හරියට වැඩ කරන්න. ඔයාලව මෙහෙයවපු අය ඉන්නවා නම් ඒ අයගේ නම් පොලිසියට දෙන්න මේ අය තමයි අපිව අරගලයට ගෙනිච්චේ කියලා. මේ දේවල්වලට ඇවිල්ලා වැඩ කරන්න.