Spread the love

මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා වෙඩි තබා ඇත.

අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබිණ.අවුරුදු 47 වයසැති වෙඩි වැදුනු සීතා ඇතින්න රබර් උණ්ඩ යොදා සිදු කළ වෙඩි තැබීමෙන් 47 හැවිරිදි සීතා ඇතින්න තුවාල ලබා තිබිණ මේ වනවිට ප්‍රතිකාර සිදු කරමින් පවතී

වෙඩි තැබිම සිදුකළ සැකකරුට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියෝග කරයි..