Spread the love

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතිබව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසීය.

පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී තිබේ.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතිබව පැවසීය.

පවතින පුරප්පාඩු කඩිනමින් පියවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.