Spread the love

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් ආයතනයක (19) ඊයේ රාත්‍රියේ ගින්නක් ඇති වූ බව නවගත්තේගම පොලිසිය පවසයි.

පුත්තලම හා හලාවත ගිනි නිවීමේ ඒකක වල සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.ගින්න හේතුවෙන් ඇඟලුම් ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ලට හා දේපළ වලට හානි සිදුව තිබේ.

ගින්න හටගත් අවස්ථාවේ එහි සේවකයන් සිට නොමැති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොැමති අතර සිද්ධිය පිළිබද නවගත්තේගම පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.