Spread the love

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකරයි.

ඒ අනු​ව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කරයි.

එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 2023-08-28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිත අතර මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.