ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ඇත..
ඒ අනුව ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.